ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, පසුගිය වසර තුන තුළ වාර්තා වූ ඉහළම වර්ධනය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවක් පෙන්වා දෙයි.
ආසියාවේ ප්‍රබල ආර්ථිකයන් සතු මුදල් ඒකක පවා යම් පසුබෑමකට ලක්වෙද්දී, ශ්‍රී ලංකා රුපියල මෙම ශක්තිමත් මට්ටම පවත්වා ගැනීම කැපී පෙනෙන කරුණක් ලෙස විදෙස් ආර්ථික විශ්ලේෂකයින් හඳුන්වා දී ඇත.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකය පුරා බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර, එය බොහෝ රටවල ආර්ථික පද්ධතිවලට දැඩි බලපෑම් එල්ල කළේය.
ශ්‍රී ලංකාව පවා මුහුණ දුන් ආර්ථික අර්බුදය සහ 'දිට්වා' ආපදාව වැනි බාධක මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය මැනවින් කළමනාකරණය කර ගැනීමට වත්මන් රජය සමත් වීම ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබේ.
අනෙකුත් රටවල මුදල් ඒකක හා සසඳන විට ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ද පෙන්වා දෙයි.
මෙම මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් පහත සඳහන් ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනීමට රටට හැකි වී තිබේ,
* විදෙස් ආයෝජකයින් සහ සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි යළිත් විශ්වාසයක් ගොඩනැගී තිබේ.
* IMF ප්‍රතිසංස්කරණ - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබූ අවිනිශ්චිතතාව ක්‍රමයෙන් පහව යමින් පවතී.
* රාජ්‍ය තාන්ත්‍රික විශ්වසනීයත්වය - නිවැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇත.
මෙම වාර්තාව මගින් තහවුරු වන්නේ සියලු අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි.

0 Comments