රට තුළ පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙමින්, 2021 වසරේ සිට ගොඩගැසී තිබූ ගුරු බඳවා ගැනීමේ කටයුතු මේ වසරේදී කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ ඒ අනුව නව ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් ක්ෂේත්‍රයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බවයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල සිසුන් වෙත පවරා දීමේ නිල උත්සවයට සුවිශේෂී අමුත්තෙකු ලෙස සහභාගී වෙමිනි.
ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ පදනම් කර ගනිමින්, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අතිශය විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා සහතික විය.
ගුරුවරුන්ගේ වැටුප් අදියරෙන් අදියර ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව හෙතෙම පැවසීය.
රජයේ අවසන් ඉලක්කය: ශ්‍රී ලංකාවේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ගුරු සේවය ද ඇතුළත් කිරීම වත්මන් රජයේ ප්‍රධානතම අපේක්ෂාව බව ද මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

0 Comments