වනාතවිල්ලුව, කාටුපුලියන්කුලම ප්‍රදේශයේ පොල් ඉඩමක පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී දිවි හමක් සහ අනවසර ගිනිඅවි තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව තිබේ.
වනාතවිල්ලුව උප කාර්යාලයේ නිලධාරීන් විසින් අද (17) අලුයම මෙම වැටලීම සිදුකර ඇත.
එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක්, ජීව පතරොම් 05ක් සහ හිස් පතරොම් කොපු 04ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

0 Comments