සිසිල් බීම වෙනුවට උණුසුම් පාන වර්ගවලින් දන්සැල් දෙන්න! සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ඉල්ලීමක්!



දිවයිනේ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙවර වෙසක් උත්සව සමයේ සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දන්සැල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මඟින් බෝවිය හැකි රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන බෝවන රෝගී තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, දන්සැල් සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සම්බන්ධීකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සඳහා අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී ඇත.

හදිසි සම්බන්ධීකරණ දුරකථන අංක

* කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සඳහා:

ටී.එච්.වී.සී. විතානගේ මහතා (ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, කොළඹ මහ නගර සභාව) – 0776697674

* දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා:

කේ.කේ.එල් ජයලාල් මහතා (සහකාර අධ්‍යක්ෂ, මධ්‍යම ආහාර පාලන ඒකකය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය) – 0779191010

* අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සඳහා:

ජානක සුනෙත් බණ්ඩාර මහතා (සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය) – 0714327387

* විස්තර විමසීම් සහ පොදු සම්බන්ධීකරණය සඳහා:

ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රජයේ කාර්යාල දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා) – 0112670182




Post a Comment

0 Comments