රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු සන්තකයේ තිබූ රුපියල් 380,000ක මුදලක් කොල්ලකෑ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී පැමිණිල්ලේ සත්‍යතාව පිළිබඳව දැඩි සැකයක් මතුවීම හේතුවෙන්, ව්‍යාජ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත පැමිණිලිකාර පුද්ගලයා සහ තවත් කාන්තාවක ද පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන පරිදි මෙම සිදුවීම ඉකුත් 15 වැනිදා සිදුව තිබේ. කොල්ලකෑමට ලක්වූයේ තමන් සතු ‘සීට්ටු මුදල්’ බව පවසමින් මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එහෙත් එම ප්‍රකාශය අසත්‍ය බව විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනාම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීම පිටුපස පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ සංවිධානාත්මක සැලසුමක් පවතින බවට ප්‍රදේශවාසීන් සහ මාධ්‍ය වාර්තා සැක පළ කරයි.
ඊට හේතු වී ඇති කරුණු මෙසේය,
* සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන කිසිදු වීඩියෝ දර්ශනයක මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මුදල් කොල්ලකන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැත.
* අදාළ ත්‍රිරෝද රථ රියදුරා විසින් මෙම ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත බවට තොරතුරු අනාවරණය වී තිබීම.
* අදාළ කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් නිල ඇඳුමට ගරු කරමින් අවංකව රාජකාරි කළ පිරිසක් බව පවසමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ අඩපණ කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් පොලිසියට මඩ ගැසීමේ අරමුණින් සැලසුම් කළ තවත් එක් පියවරක් ලෙස මෙය සැක කළ හැකි බැවින්, මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරමින් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වේ.
.png)
0 Comments