විදේශ කටයුතු අමාත්‍යාංශයේ e-DAS පද්ධතිය බිඳ වැටේ! ලේඛන සහතික කිරීම් තාවකාලිකව නවතී



විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) හටගත් හදිසි තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමට අදාළ සියලුම සේවා කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කර තිබේ.

මෙම පද්ධති දෝෂය හේතුවෙන් පහත සඳහන් සියලුම කොන්සියුලර් කාර්යාලවල සේවාවන් අඩාල වී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි,


* බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය

* යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය

* ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය

* මහනුවර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය

* මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය

* කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය


මේ වන විටත් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ දිනයන් සහ වේලාවන් වෙන් කරවාගෙන ඇති අයදුම්කරුවන්ට අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් කරයි. 

ඒ අනුව, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ පද්ධතිය නැවත ආරම්භ වන දින වකවානු දැනගැනීම සඳහා 'e-Channeling' පද්ධතිය කෙරෙහි අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

අදාළ තාක්ෂණික සේවා සපයන ආයතන හා සම්බන්ධ වී e-DAS පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කරමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

පද්ධතියේ දෝෂ සකස් කළ වහාම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගැනේ.

මෙම අනපේක්ෂිත තාක්ෂණික බිඳවැටීම හේතුවෙන් මහජනතාවට මුහුණ දීමට සිදු වන අපහසුතාව පිළිබඳව කොන්සියුලර් කටයුතු අංශය සිය කණගාටුව පළ කර සිටියි.

Post a Comment

0 Comments