නව සඳ දර්ශනය නොවීම නිසා කොළඹ මහ පල්ලියෙන් නිවේදනයක් !



මෙවර හජ් උත්සවය එළඹෙන මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව ඒකාබද්ධව තහවුරු කර සිටින්නේ, ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන හෙවත් අවසාන මාසය ලෙස සැලකෙන 'දුල් හජ්' මාසය සඳහා වන නව සඳ අද දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බවයි.

නව සඳ දර්ශනය නොවීම හේතුවෙන්, එළඹෙන දුල් හජ් මාසයේ පළමු වැනි දිනය ලෙස මැයි මස 19 වනදා සලකනු ලබන බව ඔවුන් පවසයි. 

ඒ අනුව, එම මාසයේ දින වකවානු ගණනය කරමින් මැයි මස 28 වනදා උත්කර්ෂවත් අන්දමින් හජ් උත්සවය සැමරීමට අවසන් තීරණය ගෙන ඇත.

Post a Comment

0 Comments