ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338 සීමාව ඉක්මවයි ! රාජ්‍ය බැංකුවල මිල තවත් ඉහළට !


ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අද (19) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ ප්‍රධාන බැංකු වාර්තා පෙන්වා දෙයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික වාර්තාවට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 338 සීමාව ඉක්මවා ගොස් ඇත. 

ඊයේ (18) දිනයට සාපේක්ෂව අද දින මිල ගණන්වල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ.

මහ බැංකු දත්ත සංසන්දනය පහතින්,


මහ බැංකු අනුපාතිකවලට සමගාමීව මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක ද අද (19) දින ඩොලරයේ මිල ගණන් ඉහළ මට්ටමක සටහන් වී තිබුණි.

ගැනුම් මිල: රුපියල් 332.14

විකුණුම් මිල: රුපියල් 341.68

දිනෙන් දින සිදුවන මෙම වෙනස්වීම් අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද වන විට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

Post a Comment

0 Comments