අනියම් සබඳතාවක් ගැන ඇති වූ සැකය මත ත්‍රිරෝද රථයකින් පැන තරුණ මවක් ජීවිතක්ෂයට, සැමියා අත්අඩංගුවේ



පනාමුරේ, බුලුතොට ප්‍රදේශයේ දී සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් 24 හැවිරිදි තරුණ මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඇය සිය දෙමව්පියන් හමුවී යළි නිවස බලා යමින් සිටියදී සැමියා සමඟ ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙම ඛේදනීය තත්ත්වය උද්ගත වී ඇත.

​සිය සැමියා වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් පවත්වන බවට සැක කළ මියගිය කාන්තාව, ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයෙන් පනින බවට තර්ජනය කර තිබූ අතර, අවසානයේ ඇය රථයෙන් එළියට පැන තිබේ. 

බරපතළ තුවාල ලැබූ ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

​සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

තමන් සම්බන්ධයෙන් බිරිඳ විසින් ගොඩනගාගෙන තිබූ සැකය පදනම් විරහිත බව සැමියා පොලිසිය හමුවේ පවසා තිබුණත්, බිරිඳගේ ආවේගශීලී හැසිරීම හමුවේ රථය නවත්වා ගැනීමට අපොහොසත් වීම සහ අවාසනාවන්ත මරණය වළක්වා ගැනීමට නොහැකි වීම යන කරුණු පදනම් කරගනිමින් ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. 

සිද්ධිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

Post a Comment

0 Comments