අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ කොළඹ මහනාම විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවති උද්යෝගිමත් තරගයෙන් ලකුණු 28-20 ක ජයක් වාර්තා කිරීමට මහනාම කණ්ඩායම සමත් විය.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වුණි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 14-10 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනාම ක්‍රීඩකයෝ සමත් වූහ.
මහනාම විද්‍යාලය සිය ලකුණු 28 රැස් කළේ උත්සාහක දිනුම් 4 ක් සහ ප්‍රවර්තන 4 ක් සාර්ථක කර ගනිමිනි.
වේල්ස් කුමර කණ්ඩායම ද දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කරමින් උත්සාහක දිනුම් 4 ක් සමගින් ලකුණු 20 ක් ලබා ගැනීමට සමත් විය.

0 Comments