තෙල්දෙනිය, බඹරගල විහාරස්ථානය ආසන්නයෙන් වික්ටෝරියා ජලාශයට දිය නෑම සඳහා බැස ඇති පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
අනතුරට පත් තවත් අයෙකු මේ වන විට අතුරුදන්ව ඇති අතර, එක් පුද්ගලයෙකු බේරාගැනීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත.
අතුරුදන්ව සිටින අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව තෙල්දෙනිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

0 Comments