විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක මතු වූ තාක්ෂණික ගැටලුවක් නිසා ගනුදෙනුකරුවන් පිරිසක් වෙත නියමිත අගයට වඩා වැඩි මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.
බැංකුව පවසන්නේ මෙම දෝෂය හේතුවෙන් වැඩිපුර ගෙවා ඇති රුපියල් මිලියන 656ක පමණ ඇස්තමේන්තුගත මුදල, අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අය කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව සිදු කරමින් පවතින බවයි.
මෙම සිදුවීම හේතුවෙන් ඉදිරියේදී බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බව මහජන බැංකුව අවධාරණය කරයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ මූල්‍ය අගයන් එම කාලසීමාවන් තුළ ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් ප්‍රකාශනවලට දැනටමත් ඇතුළත් කර තිබීමයි.
බැංකුව විසින් මෑතකදී හඳුනාගත් මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළදීය.
එහිදී එක්තරා විදේශ මුදල් ඒකකයක විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා, ඇතැම් ගනුදෙනුකරුවන්ට ඔවුන්ට හිමි විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ලැබී ඇත.
කෙසේ වෙතත්, මේ වන විට එම තාක්ෂණික ගැටලුව සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර තිබේ.
මෙම සිදුවීම අනාවරණය වූ වහාම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම් මත මේ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටින බව ද මහජන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
.png)

0 Comments