පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, නව මෙට්‍රෝ බස් රථ 104ක් ආනයනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත 'මෙට්‍රෝ ට්‍රාන්සිට්' සමාගම සඳහා මෙම බස් රථ ගෙන්වීමට අදාළ ගිවිසුම ඊයේ (18) අත්සන් කෙරිණි.
බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම ගිවිසුම අත්සන් තැබීම සිදු වූ අතර, ඒ සඳහා අමාත්‍යාංශය සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පෞද්.) සමාගම එක් විය.
අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාත්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ පිරිසක් ද ගිවිසුම් හුවමාරුවට එක්වූහ.
එළඹෙන අගෝස්තු මාසය වන විට මෙම බස් රථ තොගය මෙරටට ලැබීමට නියමිතය.
මෙම අවස්ථාවට මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බී. එම්. පියතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

0 Comments