ලෝක දේශපාලන කුණාටු මැද රුපියල රැකගන්නා හැටි නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි !


ලෝක දේශපාලනික සහ ආර්ථික රටාවේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරය කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. 

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ භූ-දේශපාලනික ආතතීන් හේතුවෙන් ආයෝජකයන් වඩාත් ආරක්ෂිත වත්කම් වෙත යොමුවීම මීට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ගෝලීය තත්ත්වය හමුවේ වුවද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 4.8%ක වැනි අවම ප්‍රතිශතයකින් බවයි. 

කලාපයේ සෙසු රටවල මුදල් ඒකක පහළ වැටී ඇති ආකාරය දෙස බැලීමේදී මෙය ඉතා ස්ථාවර මට්ටමක් බව ද ඔහු සඳහන් කළේය.

රුපියලේ අගය මෙලෙස වෙනස් වීම සමස්ත ආර්ථිකයටම සෘණාත්මක ලෙස බලනොපාන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි වාසි මෙන්ම අවාසි සහගත පැතිද පවතින බව අවධාරණය කළේය.

"මෙහිදී රජයේ මූලිකම අවධානය යොමුව ඇත්තේ පූර්වකථනය කළ නොහැකි හෝ පාලනයෙන් ගිලිහී යන ආකාරයේ අසාමාන්‍ය ලෙස රුපියල උච්චාවචනය වීමට ඉඩ නොතැබීමයි."
   ( මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත )

මෙම මූල්‍යමය වෙනස්කම් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවල නිරත කොටස්කරුවන්ට එකිනෙකට වෙනස් අයුරින් බලපාන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

#AdaLankaLive #LankaNews #BreakingNews #SriLanka

Post a Comment

0 Comments