මෙරට රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ පවතින හෙද සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අරමුණින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පියවරක් ගෙන තිබේ.
ඒ අනුව, හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කරන ලද විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා හෙට (29) දින නිල වශයෙන් පත්වීම් ප්‍රදානය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ප්‍රධාන රෝහල්වල සේවයට අනුයුක්ත කෙරේ
මෙලෙස පත්වීම් ලබන නවක නිලධාරීන් III ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස සේවයට එක්වන අතර, ඔවුන් දිවයිනේ ප්‍රධාන රෝහල් සහ ශික්ෂණ රෝහල් වෙත අනුයුක්ත කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙය 2021 වර්ෂයෙන් පසුව උපාධිධාරී හෙද කණ්ඩායමක් සක්‍රීය සේවය සඳහා බඳවා ගන්නා පළමු අවස්ථාව වන බැවින්, මෙය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි.
සෞඛ්‍ය අංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම්
මෙරට රෝහල් පද්ධතියේ සායනික සේවා අවශ්‍යතා වඩාත් කාර්යක්ෂම කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වත්මන් සෞඛ්‍ය බලකාය පිළිබඳව සහ ඉදිරි පුහුණු කිරීම් පිළිබඳව මෙලෙස දත්ත ඉදිරිපත් කර තිබේ.
* දැනට මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සක්‍රීයව සේවයෙහි නිරත සමස්ත හෙද නිලධාරීන් සංඛ්‍යාව 43,553කි.
* ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය කඩිනමින් පියවීම සඳහා පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් හෙද කාර්ය මණ්ඩල 3,441ක් අලුතින් බඳවා ගෙන ඇත.
* දිවයින පුරා පිහිටි ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතිය තුළ මේ වන විටත් සිසුන් 7,800ක් සාර්ථකව පුහුණුව ලබමින් සිටිති.
තවත් නවක සිසුන් 3,000ක් බඳවා ගැනීමට අනුමැතිය
රෝහල්වල පවතින සායනික සේවා අවශ්‍යතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ඉදිරියේදී ජාතික හෙද අභ්‍යාස විද්‍යාල සඳහා තවත් නවක සිසුන් 3,000ක් බඳවා ගැනීමට අවශ්‍ය නිල අනුමැතිය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙම නව බඳවා ගැනීම් සහ පුහුණු කිරීම් මගින් ඉදිරි කාලයේදී මෙරට පොදු මහජනතාවට ලැබෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වනු ඇති බව රජය අපේක්ෂා කරයි.
0 Comments