මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වසරවලදී මුද්‍රණය කළ වාහන අංක තහඩු ලබාගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබේ.
දැනට හිමිකරුවන් ලබා නොගත් අංක තහඩු ලක්ෂයක පමණ ප්‍රමාණයක් පවතින බැවින්, ඒවා ජුනි 30 වැනිදාට පෙර ලබාගන්නා ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ඔබගේ අංක තහඩුව ලබාගැනීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හෝ ඔබේ දිස්ත්‍රික්කයේ මෝටර් රථ ප්‍රවාහන ශාඛාව වෙත යොමු විය හැක. වැඩිදුර තොරතුරු සඳහා 011-2033333 අංකය අමතන්න.

0 Comments