දිවයිනේ පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
රෝගය වාර්තා වන ප්‍රදේශ,
මුලින්ම දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම රෝග තත්ත්වය මේ වන විට දියතලාව (රෝගීන් 28), වැලිමඩ (රෝගීන් 13) සහ රිකිල්ලගස්කඩ (රෝගීන් 25ක් පමණ) යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
රෝග ලක්ෂණ:
* තද උණ
* හිසරදය
* වමනය
මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් බව තහවුරු වී ඇති අතර, වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව අවශ්‍ය සියලු ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කරමින් පවතී.
රෝගීන් රෝහල් වෙත යොමු කර ඇති අතර, නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් දින 5ත් 7ත් අතර කාලයකදී සම්පූර්ණයෙන් සුව වීමේ හැකියාවක් පවතී. කාටවත් බරපතළ තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරයා සහතික කරයි.
මෙම රෝගය අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් පැතිරෙන බැවින්, පවතින වර්ෂාව සහ වෙසක් සමයේ පවත්වන දන්සල් සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතුය.
* නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම.
* පාසල් ආශ්‍රිතව සෞඛ්‍ය බලධාරීන් සමඟ හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම.
* දරුවන්ගේ පිරිසිදුකම සහ ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වීම.
රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, පාසල් ආශ්‍රිතව ව්‍යාප්තිය අවම කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

0 Comments