මැදපෙරදිග කලාපයේ දේශපාලනික සහ මිලිටරි සමතුලිතතාවය මුළුමනින්ම වෙනස් කළ හැකි අතිශය බිහිසුණු බුද්ධි අංශ වාර්තාවක් මේ වන විට ලෝක අවධානය දිනාගෙන තිබේ.
පසුගිය පෙබරවාරියේදී "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මහා පරිමාණ යුධ කර්මාන්ත පද්ධතිය සහ මිලිටරි කඳවුරු 90%ක්ම විනාශ කළ බව ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද, එම කර්මාන්තශාලා අද වන විට සිතාගත නොහැකි වේගයකින් නැවත ගොඩනැගෙමින් පවතින බව ඇමරිකානු බුද්ධි අංශ විසින්ම තහවුරු කර ඇත.
පෙන්ටගනයේ ඉහළම ජෙනරාල්වරුන් මීට දින කිහිපයකට පෙර කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේ, ඉරානයට සිය යුධ හැකියාවන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි.
කෙසේ වෙතත්, වත්මන් සති හයක සටන් විරාම කාලය තුළ ඉරානය ඉතාමත් කූට ලෙස සිය අතිනවීන ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය නැවත ආරම්භ කර ඇති බව අලුත්ම බුද්ධි වාර්තා පෙන්වා දෙයි.
මෙය ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සැලසුම් කළ මිලිටරි උපායමාර්ගයන්ට එල්ල වූ ප්‍රබල කවුන්ටර් ප්‍රහාරයක් ලෙස විදෙස් විශ්ලේෂකයින් දකී.
රුසියාවේ සහ චීනයේ සැඟවුණු හස්තය?
ඇමරිකානු ඔත්තු සේවා වාර්තාවලට අනුව, මෙම වේගවත් ප්‍රකෘතිමත් වීම පිටුපස රුසියාවේ ව්ලැඩිමීර් පූටින් සහ චීනයේ ෂී ජින්පිංගේ සෘජු තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය පවතින බව සැක කෙරේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කරන්නේ, සටන් විරාම කාලය තුළ ඉරානයට මිසයිල කොටස් සැපයීමට චීනය මැදිහත් වූ බවයි.
මේ ඔස්සේ, ඉරානය සතුව තිබූ යැයි සැක කළ ඩ්‍රෝන බලකාය අඩපණ වී නොමැති බවත්, ඒ වෙනුවට ඔවුන් වඩාත් දියුණු මට්ටමකට පැමිණ ඇති බවත් පැහැදිලි වේ.
නවීනතම සැටලයිට් දර්ශන මගින් පෙන්වා දෙන්නේ ඉරානයේ භූගත බංකර් (Underground facilities) තුළ කිසිදු හානියකින් තොරව "ෂහීඩ්" (Shahed) මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා දහස් ගණනක් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කරගත හැකි කෲස් මිසයිල සටනට සූදානම් කර ඇති බවයි.
බුද්ධි අංශ අනතුරු අඟවන්නේ, ඉදිරි මාස හය තුළ ඉරානය සිය යුධ ශක්තිය 200%කින් වර්ධනය කරගනු ඇති බවයි.
වොෂින්ටනය සහ ටෙල් අවිව් නුවර මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇත්තේ, ඉරානයේ මේ හදිසි මිලිටරි නැගිටීම හමුවේ කලාපීය ආරක්ෂාව තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බැවිනි.

0 Comments