ගංවතුර තත්ත්වය හේතුවෙන් කටුනායකින් ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක් !


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් බලපා ඇති බැවින්, ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.

​ගුවන්තොටුපොළ වෙත පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් පවතින නිසා, තම ගුවන් ගමනට පැය 04කට පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

​එසේම, ගුවන්තොටුපොළ වෙත පැමිණීමේදී වෙනත් ප්‍රවේශ මාර්ග වෙනුවට හැකිතාක් දුරට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙසද මගීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

​දැනටමත් කටුනායක ගුවන්තොටුපොළට ආසන්න නයිකන්ද සහ කෝවින්න යන ප්‍රදේශ දැඩි ලෙස ගංවතුර ආපදාවට ලක්ව ඇති බවද වාර්තා වේ.

Post a Comment

0 Comments