නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ හදිසි කාලගුණ නිවේදනයක් අද (23) නිකුත් කර තිබේ.
ඇතැම් වෙරළාශ්‍රිත මුහුදු තීරයන් විටින් විට අතිශය රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.
සාමාන්‍ය තත්ත්ව යටතේ නිරිත දෙසින් හමා එන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වන බව ද එහි සඳහන් වේ.
මෙම සක්‍රීය මෝසම් තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, මෙය ගොඩබිමට පැමිණෙන රළ උස නොවන බව කාලගුණ අංශ අවධාරණය කරයි.
මේ අතර සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු ස්වභාවයක් ගනු ඇත.
වැසි තත්ත්වය සලකා බැලීමේදී, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු කලාපවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, එම කලාප ක්ෂණිකව අතිශය රළු වීමේ දැඩි අවදානමක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
.png)
0 Comments