අම්බලන්ගොඩ, ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට (ජුනි 20) දින විශේෂ රථවාහන සීමා කිරීමක් සහ විකල්ප මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර සිටියි.
මෙම පෙරහැර හේතුවෙන් හෙට දහවල් කාලයේ සිට රාත්‍රී කාලය දක්වා කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය හැකි බැවින් එම මාර්ගය භාවිත කරන මහජනතාව සහ රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමුවන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
🕒 පෙරහැර ගමන් ගන්නා වේලාව සහ මාර්ගය
පොලිස් නිවේදනයට අනුව පෙරහැර වීථි සංචාරය කිරීම හෙට (20) දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ සිදු කිරීමට නියමිතය.
පෙරහැර ගමන් ගන්නා සම්පූර්ණ මාර්ගය
* ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානයෙන් පිටත් වීම.
* ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ගාලු පාරට ඇතුළු වීම.
* හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ වටරවුම දක්වා ගමන් කිරීම.
* අම්බලන්ගොඩ වටරවුමෙන් නැවත ගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධියට පැමිණීම.
* එතැනින් නැවත ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානය වෙත ගෙවැදීම.
🚗 රියැදුරන් සඳහා පොලීසිය හඳුන්වා දුන් විකල්ප මාර්ග
පෙරහැර වීථි සංචාරය කරන පැය 8ක කාලය තුළ මාර්ග තදබදය මඟහරවා ගැනීම සඳහා බර වාහන හැර සෙසු වාහනවලට පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කළ හැකිය.
📍 1. කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වන වාහන සඳහා
කොළඹ දෙසින් පැමිණෙන වාහනවලට සංඝරාජ විහාරය අසලින් හැරී, කැපු ඇල හන්දිය -> වතුගෙදර හන්දිය -> පොල්වත්ත හන්දිය -> පොල්ලැව්ව හන්දිය ඔස්සේ බටපොල හරහා ධාවනය කළ හැක.
ඉන්පසුව කහව මංසන්දියෙන් නැවත ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට ඇතුළු වී ගාල්ල දෙසට ගමන් කළ හැකිය.
📍 2. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන සඳහා
ගාල්ල දෙසින් පැමිණෙන වාහනවලට කහව බටපොල මංසන්දියෙන් ඇතුළු වී, මිටියාගොඩ හන්දිය -> පොල්ලැව්ව හන්දිය -> පොල්වත්ත හන්දිය හරහා වතුගෙදර මාර්ගය ඔස්සේ ධාවනය කළ හැක.
ඉන්පසුව කැපු ඇල හන්දිය පසුකර සංඝරාජ විහාරය අසලින් නැවත ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකිය.
⚠️ විශේෂ සටහන : මෙම විකල්ප මාර්ග භාවිත කළ හැක්කේ සැහැල්ලු වාහන ඇතුළු සෙසු වාහනවලට පමණක් වන අතර, බර වාහන සඳහා මෙම විකල්ප මාර්ග භාවිත කළ නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

0 Comments