බන්ධනාගාර 05ක මහා විනාශයක් කර රටම අවුල් කිරීමේ මහා කුමන්ත්‍රණයක් හෙළිවෙයි !

 

Sri Lanka prison unrest conspiracy intelligence report Mahara Negombo Welikada prisons 2026


සංවිධානාත්මක පිරිසක් විසින් මෙරට බන්ධනාගාර 05ක අලුතින් ගැටුම් ඇති කරමින් මහා විනාශයක් සිදු කිරීමට සහ මුළු රටම දැවැන්ත අවුල් ජාලයකට ඇද දැමීමට දියත් කර තිබූ අතිශය භයානක සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. 

මීගමුව සහ මහ ර බන්ධනාගාරවල මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී ගැටුම් පිටුපස ද මෙම සංවිධානාත්මක කණ්ඩායම සෘජුවම සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතින බව වාර්තා වේ.

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව දුම්බර, කළුතර, ගාල්ල, කොළඹ මැගසින් සහ වැලිකඩ කාන්තා බන්ධනාගාර යන ස්ථානයන්හි මෙම නව ගැටුම් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණය කර තිබේ. 

මෙම සැලසුම පිටුපස දේශපාලනඥයන් කිහිපදෙනෙකු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ බන්ධනාගාරවල රඳවා සිටින ප්‍රබල රඳවියන් පිරිසක් හවුල්ව සිටින බවට මේ වන විට තොරතුරු හෙළි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.

මීට පෙර මහර බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුමෙන් එහි දේපළවලට රුපියල් කෝටි 15කට අධික අලාභයක් සිදු වී තිබූ අතර, එම ගැටුම ඇතිවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොතිබුණි. 

නිශ්චිත හේතුවක් නොමැතිව එම ගැටුම ඇති කර තිබුණේ ද මෙම සංවිධානාත්මක කණ්ඩායමේ මෙහෙයවීමෙන් බවට විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි. 

මේ වන විට පවතින තත්ත්වය හමුවේ රට පුරා පිහිටි සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව උපරිම මට්ටමින් තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

Post a Comment

0 Comments