වැසි සමඟ ඩෙංගු අවදානම ඉහළට, මේ වසරේ මරණ 15ක් !


 

පවතින වර්ෂාපතනයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. 

එම ඒකකයේ දත්තවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 28,713 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 15කි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට මහජනතාව වහාම පියවර ගත යුතු බවයි. 

වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සහය වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments