ලෝක දේශපාලන කරළිය උඩුයටිකුරු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර බීජිං නුවර පැවැති ඓතිහාසික සාකච්ඡා වටය නිල වශයෙන් අවසන් විය.
ධවල මන්දිරය සහ බීජිං පාලනය මෙම හමුව "ඉතාමත් සාර්ථක" (Very successful) එකක් බව ප්‍රකාශ කළද, කිසිදු නිල ගිවිසුමකට එළඹුණු බවක් ප්‍රකාශ නොකිරීම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි සැකයට හා කුතුහලයට හේතු වී තිබේ.
මැදපෙරදිග ඉරාන යුද ගිනි දැල් මැද, ලෝක තෙල් මිල ඉහළ ගොස් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා දහස් ගණනක් සිරවී ඇති මෙවන් තීරණාත්මක මොහොතක, ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයන් දෙපළ පැය ගණනාවක් රහසිගතව සාකච්ඡා කළහ.
සාකච්ඡාවෙන් අනතුරුව පිටව යන විට ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත පැවසුවේ "අප අතර පුදුමාකාර ප්‍රගතියක් තිබෙනවා" යන්න පමණි.
කෙසේ වෙතත්, කිසිදු ලිඛිත එකඟතාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිටුපස ලෝකයම හොල්ලන සුළු මට්ටමේ අතිශය රහසිගත "සෙවනැලි ගිවිසුමක්" (Shadow Deal) ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ.
ඇතුළාන්ත ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම සාකච්ඡා මේසය තුළ දැවැන්ත බල අරගලයක් සිදු වී ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කිරීමට සැළසුම් කර ඇති "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" (Operation Sledgehammer) මෙහෙයුමට චීනයේ විරුද්ධත්වයක් එල්ල නොවන බවට සහතිකය ලබා ගැනීමයි.
මීට ප්‍රතිචාර වශයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං දැඩි කොන්දේසියක් පනවා ඇති බව පැවසේ.
ඉරානය සමඟ පවතින බිලියන ගණනක තෙල් වෙළඳාම නිසා චීනය මෙයට නිල වශයෙන් එකඟත්වය පළ නොකරනු ඇත.
නමුත්, ඇමරිකාව ඉරානයට පහර දෙන විට චීනය ඊට සෘජුව මැදිහත් නොවීමට නම්, තායිවාන ප්‍රශ්නයේදී සහ පැසිෆික් කලාපයේ චීන බල ව්‍යාප්තියට ඇමරිකාව ඉඩ දිය යුතු බවට රහසිගත එකඟතාවක් ඇති වී තිබේ.
මෙම රහසිගත ගනුදෙනුව පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ ඉරානයේ තෙහෙරාන් පාලනය දැඩි සැකයකින් සහ පීඩනයකින් පසුවන බව වාර්තා වේ.
තමන්ගේ සමීපතම මිතුරා වන චීනය, ඇමරිකාව සමඟ මෙවැනි "රාජ්‍යතාන්ත්‍රික ක්‍රීඩාවක" නිරත වීම ඉරානයට දැඩි තර්ජනයකි.
දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ලෝකය දෙකට බෙදාගැනීමේ මෙම රහස් සැලසුම නිසා ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ තත්ත්වය තවදුරටත් අස්ථාවර විය හැකි බවයි.
නිල ප්‍රකාශයකින් තොරව අවසන් වූ මෙම බීජිං හමුව, මහා පරිමාණ යුද්ධයකට පෙර ඇති වූ "නිහඬතාවයක්" දැයි බලා සිටීමු.

0 Comments