නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, හුංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කට්ටකඩුව ප්‍රදේශයේදී විශේෂ මාර්ග බාධකයක් යොදා තිබුණි.
එහිදී නියමිත ස්ථානයේ ලොරි රථය නතර නොකර එය නොසලකා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය ලොරි රථය ලුහුබැඳ ගොස් වෙඩි තබා නතර කර ගැනීමට පියවර ගත්තේය.
මෙම මෙහෙයුම මගින් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
0 Comments