ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කිරීමට සැලසුම් කළ "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" (Operation Sledgehammer) යුධ මෙහෙයුම තාවකාලිකව කල් දමා, නව න්‍යෂ්ටික ගිවිසුමකට ඉඟි පළ කර තිබූ මොහොතක, ඊට දැඩි ප්‍රතිචාර දක්වමින් තෙහෙරාන් පාලනය විසින් වොෂින්ටනය වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ, ඇමරිකාව තමන්ට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත්, ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන මට්ටමේ දැවැන්ත මිලිටරි "පුදුම කිරීම්" රැසකට (Tehran warns US of ‘surprises’) ඉදිරි පැය කිහිපය තුළ මුහුණ දීමට සිදුවන බවයි.
බුද්ධි අංශ ආරංචි මාර්ග සැක පළ කරන්නේ මෙම "පුදුම කිරීම්" යනු ඉරානය විසින් රහසින් නිපදවා අවසන් කර ඇතැයි කියන ඔවුන්ගේ පළමු "න්‍යෂ්ටික අවිය" හෝ සමස්ත ඇමරිකානු නාවික බලකායම අඩපණ කළ හැකි අතිනූතන හයිපර්සොනික් (Hypersonic) මිසයිල තාක්ෂණය විය හැකි බවයි.
ඉරානයේ මෙම මාරාන්තික ප්‍රකාශයත් සමඟ, පෙන්ටගනය සහ ධවල මන්දිරය ඕනෑම මොහොතක එල්ල විය හැකි පළමු ප්‍රහාරයක අවදානම හමුවේ දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇත.
"ඇමරිකාව තමන්ට එරෙහිව සෙල්ලම් කරන්න හැදුවොත්, ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන මට්ටමේ දැවැන්ත මිලිටරි 'පුදුම කිරීම්' රැසකට ඉදිරි පැය කිහිපය ඇතුළත මුහුණ දීමට සිදුවනු ඇත."
කෙසේ වෙතත්, බටහිර අධිරාජ්‍යවාදී බල කේන්ද්‍රයන් සලිත කරමින් මුළු මහත් ගෝලීය අවධානය දිනාගත් අනෙක් සෙවනැලි මෙහෙයුම අද උදෑසන බීජිං නුවරදී නිල වශයෙන් ආරම්භ විය.
ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් පිටව ගිය වහාම, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පූටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං බීජිං නුවරදී (Xi, Putin meet in Beijing) අතිශය රහසිගත නිල හමුවක් ආරම්භ කිරීමයි.
චීන ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ බව ලෝකයට පෙන්වුවද, ඉන් අනතුරුව වහාම පූටින් බීජිං වෙත කැඳවීම හරහා බටහිර බලය බිඳ දැමීම සඳහා චීනය සහ රුසියාව ඒකාබද්ධ "ද්විත්ව රංගනයක" (Double act) නිරත වන බව දේශපාලන විචාරකයෝ පවසති.
වසා දැමූ දොරවල් පිටුපස පැවැත්වෙන මෙම පූටින්-ෂී ජින්පිං හමුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරෙන්නේ, ඇමරිකාවේ "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" රහස් යුධ සැලසුම්වලින් ඉරානය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න සහ ඔවුන්ට අවශ්‍ය අතිනවීන රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මෙන්ම චීන චන්ද්‍රිකා තාක්ෂණය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
මෙම තත්ත්වය ඇමරිකානු ආධිපත්‍යයට එරෙහිව ලොව ප්‍රධාන සුපිරි බලවතුන් දෙදෙනා සහ මැදපෙරදිග ප්‍රබලයා වන ඉරානය එකතුවී ගොඩනඟන මාරාන්තික "ත්‍රිත්ව සන්ධානයක" (Triple Alliance) ආරම්භය බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
0 Comments