අමෙරිකානු ජනාධිපතිට 'තිරිංග' දැමීමට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සැරසේ !


ඉරානය ඉලක්ක කරගනිමින් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමේදී ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පාලනය කිරීම සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය පියවර ගෙන තිබේ. 

ඉදිරිපත් වී ඇති නව යෝජනාවට අනුව, කොංග්‍රස් මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් දියත් කිරීම තහනම් වේ.

ජනාධිපතිවරයෙකුගේ විධායක තීරණවලට සෙනෙට් මණ්ඩලය මගින් මෙවැනි අභියෝගයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වේ. 

කෙසේ වෙතත්, මෙම යෝජනාව නීතිගත වීමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියද අනිවාර්ය වේ.

Post a Comment

0 Comments