රුසියාව සහ යුක්රේනය අතර පවතින මහා යුද්ධය අතිශය භයානක සහ ලේ වැගිරෙන සීමාවකට තල්ලු වෙලා තිබේ.
රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වන ඩැනියුබ් ගංගා ආශ්‍රිත වරාය නගරයට (Danube port city) දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
මේ ප්‍රහාරය කොයිතරම් දරුණුද කියනවා නම්, යුක්රේනය විසින් ලෝකයට ධාන්‍ය අපනයනය කරන ප්‍රධානම ගබඩා සහ නැව් තටාක ගණනාවක් මේ වෙනකොටත් ගිනි ජාලාවලින් වැහිලා තියෙන්නේ මුළු ලෝකයම දැවැන්ත ආහාර අර්බුදයක පෙරනිමිති පෙන්වමිනි.
රුසියානු ප්‍රහාරයට පළිගැනීමක් විදිහට යුක්රේන හමුදාව විසින් රුසියාවේ හදවත බඳු මොස්කව් අගනුවර ඉලක්ක කරලා (Ukraine launches drones towards Moscow) මාරාන්තික දිගුදුර ඩ්‍රෝන යානා රුල්ලක් එකවර මුදා හැර තිබේ.
මොස්කව් නුවර අහස පුරා සයිකලෝන් සෙරීනා හඬ පැතිරෙද්දී, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වී ඩ්‍රෝන යානා බිම හෙලීමට උත්සාහ කරන දර්ශන සහ ඇතැම් ඩ්‍රෝන යානා මොස්කව් නුවර සුපිරි ගොඩනැගිලි ආසන්නයේම පුපුරා යන දර්ශන නිසා රුසියානු වැසියන් දැඩි භීතියකින් පාරවල් පුරා දුවන අයුරු දැකගැනීමට හැකිවේ.
මේක නිකන්ම නිකන් දේශසීමා ගැටුමක් නෙවෙයි, රුසියාවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ දමමින් යුක්රේනය විසින් මොස්කව් නුවරට කෙළින්ම පහර දීම කියන්නේ පූටින්ව උපරිමයටම කෝප ගස්වන, ඕනෑම තත්පරයකදී න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න පාර කපන බිහිසුණු තත්ත්වයක් වීමට ඉඩ ඇත.
මොස්කව් නුවරින් ලැබෙන ආරක්ෂක වාර්තා පවසන විදිහට, යුක්රේන ඩ්‍රෝන යානා කිහිපයක්ම රුසියානු රජයේ ඉහළම නිලධාරීන් සිටින ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඉතාමත් ආසන්නයෙන් පියාසර කර ඇති අතර, මෙයින් රුසියානු ගුවන් තොටුපොළවල් රැසක ගුවන් ගමන් පවා හදිසියේම අත්හිටුවීමට සිද්ධ විය.
පූටින් චීන සංචාරයකට ලෑස්ති වෙමින්, ට්‍රම්ප් සමඟ රහස් ගේම් ගහන්න හදන වෙලාවක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ලෝකයට පෙන්නුම් කරලා තියෙන්නේ තමන් සතුව තවමත් රුසියාවේ හදවතටම රිදවන්න පුළුවන් මාරාන්තික ආයුධ තියෙනවා කියන එක.
අනෙක් පැත්තෙන් ඩැනියුබ් වරායට එල්ල වුණු ප්‍රහාරය නිසා නේටෝ (NATO) සංවිධානයට අයත් රුමේනියාවේ දේශසීමාවටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මොකද ඩැනියුබ් ගඟ අයිනේ තියෙන්නේ නේටෝ රටවල්, රුසියානු මිසයිලයක් වැරදීමකින් හෝ නේටෝ කලාපයට වැදුණොත්, ඒක කෙළින්ම තුන්වන ලෝක යුද්ධයක නිල ආරම්භය සිදුවීමට හැකියාව පවතී.
මේ නිසා ඇමරිකාව සහ යුරෝපා රටවල් මේ වෙනකොට තමන්ගේ හමුදාවලට හදිසි නියෝග නිකුත් කරලා තියෙනවා.
.png)
0 Comments