ආනයනික කිරිපිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළට!


දේශීය වෙළෙඳපොළේ අලෙවි වන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ආනයනික කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ. 

මෙම නව මිල සංශෝධනයට අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments