"වැඩ බැරි ආණ්ඩුව ගෙදර ගොස් රට රනිල්ට බාර දිය යුතුයි" - අජිත් මාන්නප්පෙරුම

 


වත්මන් රජයේ අසාර්ථකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය නැවතත් අගාධයකට වැටෙමින් පවතින බවත්, වහාම පාලනය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දී ආණ්ඩුව ගෙදර යා යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. 

මහ බැංකු අධිපතිවරයා පවා ඉදිරි කාලය පිළිබඳ අනතුරු අඟවා ඇති බව පෙන්වා දෙන ඒ මහතා, පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පාලනය බාර ගන්නා විට රුපියල් 365ක් වූ ඩොලරයේ අගය 291 දක්වා අඩු කර භාර දුන්නද, වත්මන් පාලනය යටතේ එය නැවතත් 300 සීමාව ඉක්මවා ගොස් ඇති බව ඔහු සඳහන් කළේය. 

එසේම රුපියල් 283 දක්වා අඩු කළ ඩීසල් මිලත්, රුපියල් 3,700ට තිබූ ගෑස් මිල රුපියල් 6,360 දක්වා ඉහළ යාමත් හරහා ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

"ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කීව අයට අද බයිසිකලයක්වත් ඒ මිලට දෙන්න බැහැ. ගල් අඟුරු සහ තෙල් වැඩි මිලට ගනිමින් ජනතා මුදල් විනාශ කරනවා. ආණ්ඩුව තමන්ගේ වැරදි වසා ගැනීමට 'අන්තරය' වැනි බොරු බූතයෝ මවමින් ජනතාව මුලා කරනවා," යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments