ඉන්ධන මිල සංශෝධනයක් අතළඟ?



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් ලබාදෙන මීළඟ ණය වාරික දෙක නිදහස් කරගැනීම සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙස, මෙරට ඉන්ධන මිල පිරිවැයට සරිලන පරිදි සංශෝධනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

පවතින එකඟතාවන්ට අනුව, රජය විසින් සහනාධාර මත භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවට සැබෑ පිරිවැය නිරූපණය වන පරිදි මිල නියම කළ යුතුය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෑතකදී ප්‍රකාශ කළේ, ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් පමණ වුවද පාරිභෝගිකයාට එය ලබා දෙන්නේ රුපියල් 100ක පමණ රජයේ සහනාධාරයක් සහිතව බවයි.

එළැඹෙන 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය වාරික සමාලෝචන රැස්වීම පැවැත්වීමට නියමිතය. 

එම තීරණාත්මක හමුවට පෙර මෙම මිල සංශෝධනය සිදු කිරීම කෙරෙහි රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments