කලාපීය නොසන්සුන්තාව හමුවේ ඉරාන සිවිල් වැසියන්ට පල්ලි කේන්ද්‍ර කරගනිමින් අවි පුහුණුවක් ලබා දෙයි


 

මැදපෙරදිග කලාපය තුළ දැනට පවතින දැඩි යුදමය තත්ත්වය සහ නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින්, තමන්ගේ සිවිල් වැසියන් සන්නද්ධ ආරක්ෂක පුහුණුවීම් සඳහා යොමු කිරීමට ඉරාන රජය පියවර ගෙන තිබේ. 

ඒ අනුව එරට ප්‍රධාන නගර කිහිපයකම පල්ලි (Mosques) මූලික කරගනිමින් මෙම විශේෂ අවි පුහුණු වැඩසටහන් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළේ ඇති සුවිශේෂීත්වය වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිවිල් වැසියන් ඊට සම්බන්ධ කරගැනීමයි.

මෙම පුහුණු සැසි සඳහා ඉරාන පිරිමි පාර්ශවය මෙන්ම කාන්තා පාර්ශවය ද එකලෙස දායක කරගෙන තිබේ.

එහිදී ඔවුන් වෙත සැහැල්ලු අවි ආයුධ (Light Weapons) නිවැරදිව පරිශීලනය කරන ආකාරය සහ ඒවා ආරක්ෂක උපක්‍රම සඳහා භාවිත කරන ආකාරය පිළිබඳව මනා පුහුණුවක් ලබා දේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය මඟින් ද මෙම සුවිශේෂී අවි පුහුණු සැසි පවත්වන ආකාරය පිළිබඳ දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීමට කටයුතු කර තිබුණි. එහිදී රජයේ බලධාරීන් අවධාරණය කර සිටියේ, බාහිර බලපෑම්වලින් හෝ ආක්‍රමණයකින් ‘රට ආරක්ෂා කිරීම උදෙසා මහජනතාව තුළ පූර්ණ සූදානමක්’ ඇති කිරීම මෙම වැඩපිළිවෙළේ මූලිකම සහ එකම අරමුණ බවයි.

Post a Comment

0 Comments