මෙවර තරගාවලියේ සුවිශේෂීම තත්ත්වය වන්නේ ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල ක්‍රීඩකයන් මෙන්ම, අර්ධ සාමාජික රටවල් කිහිපයකින්ම ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටීමයි.
ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21ක ක්‍රීඩකයින් මෙවර LPL තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර තිබේ.
මෙවර තරගාවලිය සඳහා විවිධ රටවලින් ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව පහත පරිදි වේ,
* පාකිස්තානය: ක්‍රීඩකයින් 102ක් (වැඩිම සංඛ්‍යාව)
* බටහිර ඉන්දීය කොදෙව්: ක්‍රීඩකයින් 75ක්
* දකුණු අප්‍රිකාව: ක්‍රීඩකයින් 66ක්
* බංග්ලාදේශය: ක්‍රීඩකයින් 48ක්
* නවසීලන්තය: ක්‍රීඩකයින් 41ක්
* ඔස්ට්‍රේලියාව: ක්‍රීඩකයින් 24ක්
* එංගලන්තය: ක්‍රීඩකයින් 15ක්
* ඉන්දියාව: ක්‍රීඩකයින් 12ක්
* අර්ධ සාමාජික රටවල්: ඇමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ඇතුළු රටවල් කිහිපයක්
ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයින් පිරිසෙන් 310 දෙනෙකු විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව අවසන් වටය සඳහා තෝරා ගැනීමට නියමිතය.
තෝරාගත් එම 310 දෙනාගේ පිරිස එළැඹෙන ජුනි මස 01 වනදා පැවැත්වෙන LPL නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) වෙත ඇතුළත් කරනු ඇත.
6 වන LPL තරගාවලිය එළැඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
.png)
0 Comments