රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ මූලික අරමුණින්, එළැඹෙන මැයි මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත පසුගිය මැයි 15 වැනිදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මඟින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ පිළිබඳව දැඩිව උපදෙස් දී ඇත.
* වතුර බෝතල් තහනම - මැයි 31 වැනිදායින් පසු කිසිදු රාජ්‍ය ආයතනයක් තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන් නතර කළ යුතුය.
* ගැසට් නිවේදන බලාත්මක කිරීම - 2023.07.19 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව තහනම් කර ඇති ප්ලාස්ටික් අයිතම රාජ්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.
* මින් පෙර තහනම් කළ ද්‍රව්‍ය (අංක 2341/30 ගැසට් පත්‍රය) - එක්වරක් පමණක් භාවිත කෙරෙන ප්ලාස්ටික් අයිතම 09ක් නිෂ්පාදනය සහ අලෙවිය මීට පෙර තහනම් කෙරිණි. (තනි භාවිත බීම බට, කලතන, ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, මල් මාලා සහ ඉඳි ආප්ප වට්ටි).
* සැරසිලි තහනම (අංක 2034/37 ගැසට් පත්‍රය): දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික හෝ සංස්කෘතික උත්සව සඳහා සියලුම ආකාරයේ පොලිතින් සහ පොලිප්‍රොපිලින් නිෂ්පාදන සැරසිලි ලෙස භාවිතය නීතියෙන් තහනම් වේ.
එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිතින් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැක.
විශේෂයෙන්ම මෙම ද්‍රව්‍යයන් විවෘත පරිසරයේ දහනය කිරීමෙන් දරුණු විෂ වායු පරිසරයට මුදා හැරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි.
.png)
0 Comments