රථවාහන පොලිසියෙන් සෘජු නියෝගයක්, අපරික්ෂාකාරී රියැදුරන්ට දඩ කොළ නැහැ, කෙළින්ම උසාවි !

 

Sri Lanka traffic police court action reckless drivers bus accidents Diyatalawa Matara DIG W PJ Senadheera road safety statistics 2026


දිවයින පුරා දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරු පාලනය කිරීම සඳහා රථවාහන පොලිසිය විසින් අතිශය දැඩි තීරණයක් ගෙන තිබේ. 

ඒ අනුව, මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා (Spot Fines) ලබාදීමකින් තොරව, ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේ මෙම දරුණු අනතුරු තත්ත්වයන්ට ප්‍රධාන වශයෙන්ම රියැදුරන්ගේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවන රටාවන් සෘජුවම බලපා ඇති බවයි.


📊 2026 ගතවූ කාලය තුළ සිදුවූ භීෂණාත්මක අනතුරු සංඛ්‍යාලේඛන

මේ වසරේ (2026) ජනවාරි මස 01 වැනිදා සිට ජුනි 26 වැනිදා දක්වා වූ ගත වූ මාස කිහිපය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති අනතුරු ප්‍රමාණය සහ ජීවිත හානි සංඛ්‍යාව ඇඟ කිලිපොලා යන සුළුය,

🖤 මාරක රිය අනතුරු සංඛ්‍යාව: 1,292 කි.

💀 අනතුරුවලින් මියගිය සමස්ත පිරිස: 1,357 කි.

🤕 බරපතළ තුවාල සිදු වූ අනතුරු: 2,512 කි.

🩹 සුළු තුවාල සිදු වූ අනතුරු: 5,059 කි.

🚶‍♂️ ජීවිතක්ෂයට පත් වූ පදිකයින් සංඛ්‍යාව: 467 කි.

🏍️ ජීවිතක්ෂයට පත් වූ යතුරුපැදිකරුවන් සංඛ්‍යාව: 465 කි.


🚌 පැය 24ක් තුළ දිවයිනේ ප්‍රදේශ දෙකක බස් රථ අනතුරු දෙකක්! 80කට තුවාලයි!

පොලිසියේ මෙම දැඩි නියෝගය නිකුත් වන අතරතුරදීම, ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවූ බස් රථ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.


📍 1. දියතලාව ලංගම බස් රථය අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි

මගීන් 60කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම (SLTB) බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය අසල මාර්ගයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. බස් රථයේ තිරිංග (Brakes) ක්‍රියාවිරහිත වීම අනතුරට හේතුව බව පොලිසිය සැක පළකරයි.

අනතුරින් බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු 42දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් 6දෙනෙකු කාන්තාවන් වේ. බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.


📍 2. මාතර - තලල්ල මාර්ගයේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

මේ අතර මාතර - තලල්ල මාර්ගයේ වජිරවංශ මාවත ප්‍රදේශයේදී ද පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ලා (Head-on collision) දරුණු ලෙස ගැටී ඇත. 

මෙම අනතුරෙන් ද 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ගෙන ඇති මෙම නව දැඩි ක්‍රියාමාර්ගයත් සමඟ ඉදිරියේදී රියැදුරන් වඩාත් වගකීමෙන් යුතුව රීති අනුගමනය කරනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

Post a Comment

0 Comments