79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සම්බන්ධීකරණ සමුළුවක් ජිනීවා නුවරදී පවත්වා තිබේ.
පිළිකා මර්දනයේ අනාගතය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය එච්.ඊ. ලෙස්ලි රම්සැමී (H.E. Leslie Ramsammy) මහතා විසින් සමුළුව මෙහෙයවනු ලැබීය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මෙම සමුළුවට එක්වූ අතර, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඊට ඇතුළත් වූහ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේදී පැවැත්වෙන මෙම 79 වන සමුළුව මැයි මස 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

0 Comments