රග්බි ලීගයේ සාන්ත තෝමස් විදුහලට ලකුණු 35 ක ජයක්


 

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන සහිරා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති උණුසුම් තරගයෙන් ලකුණු 35-26 ක ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් කණ්ඩායම සමත් විය. සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්වුණි.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 14-10 ක් ලෙස සහිරා කණ්ඩායම ඉදිරියෙන් සිටියද, දෙවන අර්ධයේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගයේ ජය තහවුරු කර ගත්හ. 

ජයග්‍රාහී සාන්ත තෝමස් කණ්ඩායම උත්සාහක දිනුම් 5 ක්, ප්‍රවර්තන 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාව රැස් කළේය. 

සහිරා කණ්ඩායම උත්සාහක දිනුම් 4 ක් සහ ප්‍රවර්තන 3 ක් සමඟින් ලකුණු 26 ක් ලබා ගත්තේය.

Post a Comment

0 Comments