ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ෂී ජින්පිංගේ "ද්විත්ව රංගනය"


චීන ජනාධිපති ෂී ජින්පිං විසින් බීජිං නුවර කේන්ද්‍ර කරගනිමින් අතිශය තීරණාත්මක සහ උපක්‍රමශීලී "ද්විත්ව රංගනයක්" (Double Act) දියත් කරමින් සිටිනවා. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන යුද්ධය නතර කිරීම සඳහා චීනයේ සහය ඉල්ලා, කිසිදු නිල ගිවිසුමකින් තොරව බීජිං නුවරින් පිටත්ව ගොස් දින කිහිපයක් යන්නටත් මත්තෙන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පූටින් හදිසියේම චීනයට පැමිණීමට සියල්ල සූදානම් කර ඇති බව රුසියානු ක්‍රෙම්ලිනය අද නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. 

මෙය සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික හමුවක් නොව, බටහිර අධිරාජ්‍යය මුළුමනින්ම දෙදරුම් කවමින් චීනය සහ රුසියාව ඒකාබද්ධව ඇමරිකාවට එරෙහිව දියත් කරන දැවැන්ත භූ-දේශපාලනික "චෙස් ක්‍රීඩාවක්" බවයි විචාරකයන් පවසන්නේ.

ජනාධිපති ට්‍රම්ප් බීජිං නුවරදී ෂී ජින්පිං සමඟ පැය ගණනාවක රහස් සාකච්ඡා පවත්වා තමන්ගේ හමුව ඉතාමත් සාර්ථක වූ බව ලෝකයට පෙන්වූයේ, ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කිරීමට සූදානම් වන "ඔපරේෂන් ස්ලෙජ්හැමර්" (Operation Sledgehammer) මෙහෙයුම වෙනුවෙන් චීනයේ නිහඬ අනුමැතිය ලබාගැනීමටයි. 

එහෙත් ෂී ජින්පිං ඊළඟ මොහොතේම පූටින්ව තමන්ගේ මාලිගාවට කැඳවීමෙන් ඇමරිකාව මුළුමනින්ම නොමඟ යවා ඇති බව දැන් පැහැදිලියි.

වොෂින්ටනයේ බුද්ධි අංශ අනාවරණය කරන්නේ, ට්‍රම්ප් සමඟ පැවැත්වුණු සාකච්ඡාවල සියලුම රහස් සහ ඇමරිකාවේ මීළඟ යුධ සැලසුම් ෂී ජින්පිං විසින් රහසින් පූටින් වෙත ලබා දීමට නියමිත බවයි. 

ඒ හරහා ඉරානය බේරාගෙන, ඇමරිකාව මැදපෙරදිග අර්බුදයක සදහටම හිර කිරීම සඳහා රුසියාව සහ චීනය ඒකාබද්ධ රහස් උපායමාර්ගයක් සකස් කරනු ඇති බවට ද වාර්තා වනවා.

මෙම හදිසි සංචාරයත් සමඟ වොෂින්ටනයේ ධවල මන්දිරය දැඩි කෝපයකින් සහ කැළඹීමකින් පසුවනවා. 

ට්‍රම්ප් චීනයෙන් ඉල්ලා සිටියේ ඉරානය සමඟ පවතින තෙල් ගනුදෙනු නතර කර ඔවුන්ව ආර්ථික වශයෙන් අසරණ කරන ලෙස වුවත්, පූටින්ගේ පැමිණීමත් සමඟ රුසියාව, චීනය සහ ඉරානය එකතු වී බටහිර ඩොලර් ක්‍රමයට එරෙහිව අලුත්ම "ආර්ථික සහ මිලිටරි පලිහක්" (Military Shield) ප්‍රකාශයට පත් කරනු ඇතැයි සැක කෙරෙනවා. 

විශේෂයෙන්ම ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය (Ultimatum) හෙටින් අවසන් වීමට නියමිත මොහොතක, පූටින් චීනයට පය තැබීම යනු ඇමරිකාවේ තර්ජනවලට චීනය සහ රුසියාව බිය නොමැති බවට ලෝකයට දෙන ප්‍රබලම පණිවිඩයයි. 

චීන ජනාධිපතිවරයා ඉතාමත් උපක්‍රමශීලීව එක් පැත්තකින් ට්‍රම්ප්ව සතුටු කරමින් තමන්ගේ වෙළඳ සහන ලබාගන්නා අතරම, අනෙක් පැත්තෙන් පූටින් සමඟ එකතු වී ඇමරිකානු ගෝලීය බලය බිඳ දැමීමට කටයුතු කිරීම සැබවින්ම ලෝකයම මවිත කළ ද්විත්ව රංගනයක්.

Post a Comment

0 Comments