සැප්තැම්බර් මාසය වනතුරු විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කිසිදු ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය ගාස්තු සංශෝධනයේ බර පැටවෙන්නේ ඒකක 180ට වැඩි පාරිභෝගිකයන්ට පමණක් බවත්, අනෙකුත් පාරිභෝගිකයන්ට රුපියල් බිලියන 15ක සහනාධාරයක් රජය විසින් ලබා දී ඇති බවත්ය.

0 Comments