කටුනායක සිට ගෙදර යන අතරමගදී සිදු වූ අවාසනාවන්ත ඉරණම !

 


බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දියබෙදුම ප්‍රදේශයේදී අද (22) අලුයම සිදු වූ දරුණු රිය අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරු 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගය අසල තිබූ කොහොඹ ගසක ගැටීමෙනි. 

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ රියදුරු රෝහල්ගත කර ඇත.

මියගිය පුද්ගලයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු විදේශ රටක සිට මෙරටට පැමිණ සිය නිවස බලා යමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබේ. 

රියදුරුගේ අධික වේගය සහ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව දියබෙදුම පොලිසිය මගින් සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

Post a Comment

0 Comments