ඌව පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපාන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (19) පස්වරු 12.30ට නිකුත් කරන ලද මෙම හදිසි නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරු 2.00න් පමණ පසුව පහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ තද අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී,
* ඌව පළාත
* මඩකලපුව දිස්ත්‍රික්කය
* අම්පාර දිස්ත්‍රික්කය
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි.

0 Comments